No. 46, Horton Place, Colombo 07, Sri Lanka. +94-11 2675409 library@vpa.ac.lk Open On Monday to Saturday : 08.30 AM to 05.00 PM

පුස්තකාල සූචිය ගවේශනය (Search Library  OPAC)


සාමාන්‍ය සෙවුමක් සිදුකිරීම (Simple Search)

  • http://infosys.lib.vpa.ac.lk යන වෙබ් ලිපිනයෙන් පුස්තකාල සූචියට (OPAC) පිවිසෙන්න. 
  • ඔබට සෙවීමට අවශ්‍ය ගවේශන පදය (Keyword) සඳහන් කර "Go" මත ක්ලික් කරන්න.
Opac 1
  • කර්තෘ නාමය, ග්‍රන්ථ නාමය ආදී ශීර්ෂ ඔස්සේ අදාල තොරතුරු සෙවීම සඳහා පහත මෙනුවට පිවිසෙන්න.
Opac 2

 

නිදසුන :- 

කර්තෘ නාමයක් යටතේ සෙවීමට අවශ්‍ය නම් ඉහත ලැයිස්තුවෙන් "Author" යන්න තෝරාගෙන ඔබට සෙවීමට අවශ්‍ය කර්තෘගේ නම සඳහන් කොට "Go" මත ක්ලික් කරන්න. (මෙහිදී නමෙහි කොටසක් හෝ සම්පූර්ණ නාමය භාවිත කළ හැකි ය. | උදා :- Silva / Silva, W.A.)   

  • අනෙකුත් කාණ්ඩ (Title, ISBN etc.) යටතේ ද මේ ආකාරයෙන් ම සෙවීමක් සිදුකරගත හැකිය.
  • ඔබ සඳහන් කළ සෙවීමට අදාල ප්‍රතිපල ලැයිස්තුවක් පහත පරිදි ලැබෙනු ඇත.
Opac 3
  •  ග්‍රන්ථ නාමය මත ක්ලික් කිරීමෙන් පහත පරිදි අදාල ග්‍රන්ථයේ වැඩි තොරතුරු බලාගත හැකිය.
Opac 4
  • "Current location" යනු දැනට ග්‍රන්ථය තිබෙන ස්ථානය යි.
  • එය ප්‍රධාන පුස්තකාලය (Main Library) | නර්තන හා නාට්‍යකලා පීඨ පුස්තකාලය Albert Crescent library) | කොහුවල පරිශ්‍ර පුස්තකාලය (Kohuwala library) වනු ඇත.

 සැලකිලිමත් විය යුතු කරුණු

  • ගවේශනයට අවශ්‍ය සුදුසුම සෙවුම් පද (Keywords) තෝරා ගන්න.

නිදසුන :-  

ඔබ සොයන විෂය "Theory of Dance and Music"  නම්, ඔබට

1.    Theory of Dance and Music

2.    Theory of Dance

3.    Theory of Music

යන පදවලින් සෙවිය හැකිය.

 
  • සෙවුම් පද යෙදීමේදී අක්ෂර නිවැරදිව සඳහන් කිරීමට සැලකිළිමත් වන්න.

නිදසුන :- 

Color | Colour | සත් සතිය | සත්සතිය

  • සිංහල භාෂාවෙන් සෙවීම සිදුකළ හැකි අතර මේ සඳහා යුනිකේත භාවිත කරන්න.
  • භාෂා පරිවර්ථනය මඟින් ද සේවීම සිදුකළ හැකිය.

නිදසුන :- 

ගම්පෙරළිය | Gamperaliya, නර්ථන ඉතිහාසය | Narthana Ithihasaya


 උසස් සෙවුමක් සිදුකිරීම (Advanced Search)

  •  ගවේශන කොටුවට පහළින් ඇති "Advanced Search" මත ක්ලික් කරන්න.
Opac 5
  • මෙහිදී ගවේශන පද කිහිපයක් යොදා ගනිමින් සෙවීමක් සිදුකල හැකි ය.

 නිදසුන :- 

සංගීතය, නර්තනය සහ කලාව යන විෂයයන් පිළිබඳ සේවීමට අවශ්‍ය නම්, පහත පරිදි එය සිදු කල  හැක.

 

Opac 6
  • මෙහි "More Option" මඟින් ගවේශනය තවදුරටත් තීව්‍ර කරගත හැකිවන අතර බූලියන් ගවේශන ක්‍රම (AND / OR / NOT)ද භාවිත කිරීමට හැකිවනු ඇත.
Opac 7

 

පුස්තකාල සූචිය (OPAC) ගවේශනය සම්බන්ධ  යම් ගැටලුවක් වෙතොත් අප වෙත යොමු කරන්න.

දුරකතන  :  0112 675409 
ඊ-මේල්  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. or This email address is being protected from spambots. You need JavaScript enabled to view it.